Image of a customer reading a book at the Kandy library

මහනුවර පිහිටි අපගේ පුස්තකාලය තුළ 15,000 කට ආසන්න පොත්, සඟරා සහ DVD පට ඇතුළත්ය. සාමාජිකයන් 4000 කට ආසන්න සංඛ්‍යාවකට මේ හරහා සේවා සපයනු ඇත.

තරුණ ඉගෙනුම් මධ්‍යස්ථාන, ඉංග්‍රීසි ඉගෙනුම් කලාපය සහ නැවත භාරදෙන පොරොන්දුව මත පොත් ලබාදෙන අංශය ලෙසින් පුස්තකාලයප්‍රධාන කොටස් තුනකින් සමන්විත වේ. අප සතු වාර, සඟරා සහ අන්තර්ජාල පිරික්සුම් පහසුකම් සාමාජිකයන් වෙත පිරිනැමෙන තවත් ජනප්‍රිය විශේෂාංගයකි.

නාට්‍ය සහ කලා සංගම් අපි සතුව ඇති අතර ඒ හරහා වසර පුරා සුවිශේෂී අවස්ථාවන් වෙනුවෙන් බොහොමයක් උත්සව මෙන්ම ක්‍රියාකාරකම් සංවිධානය කෙරෙනු ඇත. අප විසින් ඉදිරිපත් කරනු ලබන මෙම උත්සව සහ ක්‍රියාකාරකම් වල ගුණාත්මකභාවය තව තවත් ඉහළ නැංවීම උදෙසා ඒ සඳහා පළපුරුදු වෙනත් බාහිර ආයතනවල සහයෝගය අප ලබාගන්නෙමු.

එපමණක්ද නොව, සිසුන්ගේ ඉගෙනුම් ගමනට සහයෝගය දැක්වීම සඳහා සිසුන්ට මෙන්ම විභාග අපේක්ෂකයින්ටද නොමිලේ සාමාජිකත්වය ලබාදෙනු ඇත.

පුස්තකාල එකතුවට පිවිසීමට

  • අන්තර්ජාලය හරහා ඔබේ පොත් වෙන්කරවා ගැනීමට සහ අලුත්කරවා ගැනීමට පිරික්සන්න.
  • නැවත ලබාදෙන පොරොන්දුව මත ඔබ ලබාගත් පුස්තකාල භාණ්ඩ පිරික්සීම සහ නව පොත නිකුත් කිරීම පිළිබඳව සොයා බලන්න
  • අන්තර්ජාලය හරහා ඔබ පිරික්සන අවස්ථාවේදී ඇති පොත් සහ වෙනත් පුස්තකාල භාණ්ඩ පිළිබඳව පරික්ෂා කරන්න.

අපගේ ඉංග්‍රීසි ඉගෙනුම් කලාප සහ තරුණ සිසුන් සඳහා වූ ඉගැනුම් මධ්‍යස්ථාන

අපගේ මහනුවර පුස්තකාලය තොරතුරු සහ ඉගෙනුම් අවශ්‍යතා යන අංශ දෙක හරහා අවශ්‍ය දැනුම සැපයීම උදෙසාම නිර්මාණය කර ඇත:

  • අපගේ ඉංග්‍රීසි ඉගෙනුම් කලාපය (ELZ) මගින් ලබාදෙන ඉංග්‍රීසි භාෂා ඉගැන්නුම් සම්පත්, විමර්ශන අංශය සහ දැනුම් සම්පත් IELTS සහ කේම්බ්‍රිජ් විභාග සඳහා සුදානම් වීමට අවැසි සහයෝගය ලබාදේ. ඉංග්‍රීසි ඉගෙනුම් කලාපයේ සාමාජිකයින්ට සවන්දීම සහ ඉගෙනීම යන අංශ දෙක හරහා ඔවුන්ගේ ඉංග්‍රීසි ඉගෙනුම් හැකියාවන් පුහුණු කිරීමට අවස්ථාව උදාවේ. පොත්පත් සහ CD පට විශාල එකතුවකට අමතරව පුස්තකාල සාමාජිකයින් සහ සාමාජිකයින් නොවන අය සඳහාත් කථන කුසලතා වර්ධනය කිරීමේ අරමුණෙන් විවිධ අවස්ථාවන් මෙන්ම ක්‍රියාකාරකම් ඇතුළත් උපකාරක වැඩමුළු ඉංග්‍රීසි ඉගෙනුම් කලාපය මගින් සංවිධානය කෙරේ.
  • අපේ යෞවන ඉගෙනුම් මධ්‍යස්ථානය (YLC) ඉංග්‍රීසි ඉගෙනුම ලබන ළමුන් සඳහා පරිගණක ප්‍රවේශය සහ ළමා පොත් 5,000 ක එකතුවක් සමගින් දැනුම ලබාගැනීමට අවස්ථාව ලබාදෙයි. කුඩාවියේ සිටම කියවීමේ පුරුද්ද වර්ධනය කරමින් පොත්පත් කෙරෙහි දිගු කාලීන රුචිකත්වයක් සිසුන් තුළ වර්ධනය කිරීම වෙනුවෙන් කියවීම් වැඩසටහන් කතාන්දර සැසි ඇතුළත් වැඩමුළු රාශියක් දරුවන් වෙත ලබාදේ. 

වයස අවුරුදු 11ට අඩු දරුවන් සැමවිටම දෙමාපියන්/භාරකරුවන්ගේ අධීක්ෂණයට ලක්විය යුතුය.

ආරම්භක වේලාවන් සහ ස්ථාන

මහනුවර පුස්තකාලය පිහිටා ඇත්තේ මහනුවර භාෂා මධ්‍යස්ථානය පිහිටි ලිපිනයේම බව සලකන්න.
88/1, E L සේනානායක වීදිය, මහනුවර.

අඟහරුවාදා සිට සෙනසුරාදා පෙ.ව. 9.00 සිට ප.ව. 4.00 දක්වාත් ඉරිදා දිනයන්හි පෙ.ව. 9.00 සිට ප.ව. 2.00 දක්වාත් මුදල්, ක්‍රෙඩිට් කාඩ් හෝ චෙක්පත් මගින් ගෙවීම් කළ හැකියි.

අපගේ අයකිරීම්

ගෙවීම් සඳහා අදාළ දින ඉක්මවීම නිසා අය කෙරෙන ගාස්තු
එක් පොතකට - රු. 20  (දිනකට)
DVD එකක් සඳහා - රු. 50 (දිනකට)
එක් IELTS පොතකට - රු. 450 (දිනකට)
වෙනත් ගාස්තු
පොතක් හෝ DVD එකක්  වෙන් කර ගැනීම - රු. 25 (ඒකකයකට) 
නැතිවූ සාමාජිකත්ව කාඩ්පත මාරු කිරීම - රු. 500
පොත් වල barcode ගැලවී ඇත්නම්  - රු. 100 (එක් පොතක)
අහිමි / හානි වූ පුස්තකාල ද්‍රව්‍ය - භාණ්ඩයේ වටිනාකම අනුව ගණනය කරනු ලැබේ

බාහිර සබැඳි