Find out what resources are available for teachers

පහත සඳහන් සරල පියවර අනුගමනය කරන්න.

කොළඹ, මහනුවර සහ යාපනය ශාඛාවල පාඨමාලා සඳහා

පහත සඳහන් සරල පියවර අනුගමනය කරන්න

පියවර 1 - උපදේශනයක් සඳහා කාලය වෙන්කරවා ගන්න

  • ඔබට ගැළපෙන නිවැරදි පාඨමාලාව තෝරාගැනීම සම්බන්ධව සහයවීමට, ඔබ විසින් අප සමග උපදේශනයක් වෙන්කරවා ගත යුතුය.
  • ඔබේ උපදේශනය ඔන්ලයින් හරහා වෙන්කරවා ගත හැක, ඒ සඳහා ඔබට ගැළපෙන වේලාවක් සහ දිනයක් තෝරාගත හැකිය.
  • උපදේශනය සඳහා ගාස්තුවක් අය නොවේ .

පියවර 2 - දැනුම් මට්ටම් පරීක්ෂණය සම්පුර්ණ කිරීම

  • උපදේශනය සඳහා ඔබ කාලය වෙන්කරවාගත් පසු, මට්ටම පරීක්ෂණයට අදාල  වැඩි විස්තර ඔබ වෙත ලැබෙනු ඇත.​
  • ඔබේ උපදේශනයට පෙර, මට්ටම පරීක්ෂණය සම්පූර්ණ කළ යුතු වන්නේ, එවිට ඔබට ගැළපෙන නිවැරදි පාඨමාලාව තෝරා ගැනීමට එය උපකාරී වන නිසාය. 
  • ඔබ දුරකථන උපදේශනයක් තෝරාගන්නේ නම්, ඔබට මට්ටම පරීක්ෂා කිරීම ඔන්ලයින් මගින් සිදුකරනු ඇත.
  • ඔබ මුහුණට-මුහුණ ලා සිදුකරන උපදේශනයක් තෝරා ගන්නේ නම්, ඔබට   අපගේ මධ්‍යස්ථානයක දී මට්ටම පරීක්ෂා කිරීමට යොමුවිය හැක.  මෙසේ වෙන්කරගත හැකි කාල වේලාවන් ඉතාමත්  සීමිත බව කරුණාවෙන් සලකන්න

පියවර 3 - ඔබගේ  උපදේශනයට පිවිසෙන්න

  • ඔබගේ පරීක්ෂණයේ ප්‍රතිපල මත පදනම්ව, ඔබේ උපදේශනයේ දී අපගේ විශේෂඥ උපදේශකවරයෙකු විසින් පාඨමාලා පිළිබඳව ඔබට ඇති විකල්ප සාකච්ඡා කරනු ඇත.​
  • උපදේශනය සඳහා විනාඩි 20ක පමණ කාලයක් ගතවනු ඇත.

පියවර 4 - පාඨමාලාවක් සඳහා ලියාපදිංචි වන්න

ඔබේ උපදේශනයෙන් පසුව, ඔබට පාඨමාලාව සඳහා ලියාපදිංචි වී, ගෙවීම් සිදුකිරීමේ හැකියාව ලැබේ. ​

ලියාපදිංචි වෙන්න

ඔබේ උපදේශනය වෙන්කරවා ගැනීම සඳහා ඔබට සහාය අවශ්‍ය නම්, පාරිභෝගික සේවා නියෝජිතයෙකු වෙත ළඟා වීමට කරුණාකර අපගේ ඉංග්‍රීසි භාෂා ඉගැන්වීමේ මධ්‍යස්ථානය අමතන්න.