යාපනයේ පුස්තකාලය පොත් හා සඟරා 3500 කට අධික සංඛ්‍යාවක් එකතුවකින් සමන්විත අතර මෙම පොත්පත් සංඛ්‍යාව සෑම මාසයකම සීඝ්රයෙන් ඉහළ යනු ඇත.
පුස්තකාලය තරුණ ඉගෙනුම් මධ්‍යස්ථාන, ඉංග්‍රීසි ඉගෙනුම් කලාපය සහ නැවත භාරදෙන පොරොන්දුව මත පොත් ලබාදෙන අංශය ලෙසින් පුස්තකාලය ප්‍රධාන කොටස් තුනකින් සමන්විත වේ. අප සතු වාර සඟරා සහ අන්තර්ජාල පිරික්සුම් පහසුකම් සාමාජිකයන් වෙත පිරිනැමෙන තවත් ජනප්‍රිය විශේෂාංගයකි.
එපමණක්ද නොව, සිසුන්ගේ ඉගෙනුම් ගමනට සහයෝගය දැක්වීම සඳහා සිසුන්ට මෙන්ම විභාග අපේක්ෂකයින්ටද නොමිලේ සාමාජිකත්වය ලබාදෙනු ඇත.
අපගේ ඉංග්‍රීසි ඉගෙනුම් කලාප සහ තරුණ සිසුන් සඳහා වූ ඉගැනුම් මධ්‍යස්ථාන
අපගේ පුස්තකාල එකතුවට පිවිසෙන්න.
ඔබට ලබාදෙන username නාමය සහ password භාවිතයෙන් පුස්තකාල එකතුවට පිවිසීමට ඔබට හැකියි. පුස්තකාල එකතුවට පිවිසීමට
- අන්තර්ජාලය හරහා ඔබේ පොත් වෙන්කරවා ගැනීමට සහ අලුත්කරවා ගැනීමට පිරික්සන්න.
- නැවත ලබාදෙන පොරොන්දුව මත ඔබ ලබාගත් පුස්තකාල භාණ්ඩ පිරික්සීම සහ නව පොත නිකුත් කිරීම පිළිබඳව සොයා බලන්න
- අන්තර්ජාලය හරහා ඔබ පිරික්සන අවස්ථාවේදී ඇති පොත් සහ වෙනත් පුස්තකාල භාණ්ඩ පිළිබඳව පරික්ෂා කරන්න.
අපගේ ඉංග්‍රීසි ඉගෙනුම් කලාප සහ තරුණ සිසුන් සඳහා වූ ඉගැනුම් මධ්‍යස්ථාන
අපගේ යාපනය පුස්තකාලය තොරතුරු සහ ඉගෙනුම් අවශ්‍යතා යන අංශ දෙක හරහා අවශ්‍ය දැනුම සැපයීම උදෙසාම නිර්මාණය කර ඇත.
- අපගේ ඉංග්‍රීසි ඉගෙනුම් කලාපය (ELZ) මගින් ලබාදෙන ඉංග්‍රීසි භාෂා ඉගැන්නුම් සම්පත්, විමර්ශන අංශය සහ දැනුම් සම්පත් IELTS සහ කේම්බ්‍රිජ් විභාග සඳහා සුදානම් වීමට අවැසි සහයෝගය ලබාදේ. ඉංග්‍රීසි ඉගෙනුම් කලාපයේ සාමාජිකයින්ට සවන්දීම සහ ඉගෙනීම යන අංශ දෙක හරහා ඔවුන්ගේ ඉංග්‍රීසි ඉගෙනුම් හැකියාවන් පුහුණු කිරීමට අවස්ථාව උදාවේ. පොත් පත් සහ CD පට විශාල එකතුවකට අමතරව පුස්තකාල සාමාජිකයින් සහ සාමාජිකයින් නොවන අය සඳහාත් කථන කුසලතා වර්ධනය කිරීමේ අරමුණෙන් විවිධ අවස්ථාවන් මෙන්ම ක්‍රියාකාරකම් ඇතුළත් උපකාරක වැඩමුළු ඉංග්‍රීසි ඉගෙනුම් කලාපය මගින් සංවිධානය කෙරේ.
- අපේ යෞවන ඉගෙනුම් මධ්‍යස්ථානය (YLC) ඉංග්‍රීසි ඉගෙනුම ලබන ළමුන් සඳහා පරිගණක ප්‍රවේශය සහ ළමා පොත් 5,000 ක එකතුවක් සමගින් දැනුම ලබාගැනීමට අවස්ථාව ලබා දෙයි. කුඩාවියේ සිටම කියවීමේ පුරුද්ද වර්ධනය කරමින් පොත් පත් කෙරේ දිගු කාලීන රුචිකත්වයක් සිසුන් තුළ වර්ධනය කිරීම වෙනුවෙන් කියවීම් වැඩසටහන් කතාන්දර සැසි ඇතුළත් වැඩමුළු රාශියක් දරුවන් වෙත ලබාදේ.