Interactive teaching in class
Interactive teaching in class

ඕනෑම සිසුවෙකුගේ අවශ්‍යතාවය අනුව පුළුල් පරාසයක විහිදුණු ඉගෙනුම් පාඨමාලා රැසක් ලබාදීමට ඇප කැප වී සිටින්නෙමු.ඔබගේ වයස, ඔබේ ඉංග්‍රීසි බස සම්බන්ධ දැනුම් මට්ටම ඔබට ළගා කරගැනීමට අවශ්‍ය ඉලක්කය කුමක් වුවත් ඔබට ගැලපෙන පාඨමාලා අප සතුය.

පළමු දිනයේ සිටම ගුරුවරුන් හා අනෙකුත් සිසුන් සමග සන්නිවේදනය කිරීමට පන්ති කාමරයේ ඉංග්‍රීසි භාවිත කිරීමටත් සිසුන් දිරිමත් කරනු ලැබේ. ඔබ කතා කරන තරමට, භාෂාව ඉගෙන ගැනීමට පහසු වනු ඇත.

අපගේ ඉලක්කය වනුයේ වඩාත් ඵලදායී ලෙස විනෝදජනක පරිසරයක් තුළ සිසුන්ට ඉංග්‍රීසි බස ඉගැන්වීම සිදුකරන අතර එම ඉගැන්වීම් ක්‍රම වඩාත්ම සාර්ථක කර ගැනීමට.

  • සිසුන්ගේ මනසට පීඩනයක් ඇති නොවෙන පරිසරයක් තුළදී මේ ඉගැන්නුම් සිදුවේ.
  • ක්‍රියාශීලීව පාඩම්වලට සහභාගී වන සිසුන් ඒ හරහා උත්තේජනය වන අතර අභියෝගවලටද මුහුණ දේ.
  • සියලුම ඉගෙනුම් විලාසයන් සපුරාලීම සඳහා විවිධ මාදිලියේ සහ අනෙකුත් ක්‍රියාකාරකම් භාවිතා කරයි.
  • ගුරුවරුන් සැමවිටම ධනාත්මක සහ සහයෝගාත්මක වන අතර පුළුල් පරාසයක විහිදුණු ඉගැන්වීම් ආධාරක ඔවුන් සතුය.
  • පන්ති කාමරයේ සහ නිවසේදී සිදු කරන ලද කාර්යයන් පදනම් කරගනිමින් කථික හා ලිඛිත ඉංග්‍රීසි පිළිබඳව සිසුන්ගේ ප්‍රගතිය තක්සේරු කිරීම නිරන්තරව සිදුවේ.

වෙනත් විස්තර