පන්ති |
කොළඹ |
මහනුවර |
යාපනය |
මාතර |
---|
ප්‍රාථමික මට්ටමේ සිසුන් (අවුරුදු 6 - 7) |
රු. 20,000 x වාරික 6 |
රු. 20,000 x වාරික 6 |
රු. 18,500 x වාරික 6 |
රු. 20,000 x වාරික 6 |
කණිෂ්ඨ මට්ටමේ සිසුන් (අවුරුදු 8 - 10) |
රු. 20,000 x වාරික 6 |
රු. 20,000 x වාරික 6 |
රු. 18,500 x වාරික 6 |
රු. 20,000 x වාරික 6 |
* අය කිරීම් වෙනස් විය හැකිය. යම් හෙයකින් ඔබ ගෙවූ මුදල නැවත ලබා ගැනීමට අවශ්‍ය නම්, එය ඔබේ දරුවා ඔහුගේ ප්‍රථම පංතියට සහභාගී වීමට පෙර ලබාගත යුතු අතර එහිදී ආයතනික පරිපාලන ගාස්තුව අඩු කර ඉතිරි මුදල ඔබට ලබාදෙනු ඇත.
* මෙය වසරක පාඨමාලාවක් බව කරුණාවෙන් සලකන්න. පාඨමාලා ගාස්තුව වාරික හයක් දක්වා ගෙවිය හැකිය. වාරිකය වසරක කාලයක් පුරා ව්‍යාප්ත වේ.
මූලික අය කිරීමට ඇතුළත් වන්නේ: බ්‍රිටිෂ් කවුන්සිලයේ සිසුන් සඳහා වූ ෆෝල්ඩරය, ලිපිගොනු කවරය සහ සටහන් පොත
අතිරේක ගෙවීම්: පාඨමාලා පොත්, ලිපි ද්‍රව්‍ය
කොටස් වශයෙන් ගෙවීම සඳහා
කොමර්ෂල් බැංකුවේ ක්‍රෙඩිට් කාඩ්පත ඔබ සතු නම් 0% පොලී පහසු ගෙවීමේ සැලැස්ම හරහා ගෙවීම් සිදුකළ හැකිය. වැඩි විස්තර සඳහා අපගේ පාරිභෝගික සේවා අමතන්න.
වට්ටම් සහ දීමනා
බහු-කාලීන ලියාපදිංචිය සඳහා වට්ටම්
ඔබ ඔබේ දරුවා වාර තුනක් සඳහා එකවරම ලියාපදිංචි කර වන්නේ නම් ඒ සඳහා වට්ටමක් ඔබට හිමියි.
වැඩි විස්තර සඳහා අපගේ පාරිභෝගික සේවා අමතන්න.
* බහු කාලීන වට්ටම් යෝජනා ක්‍රමය සහ පවුල් වට්ටම් යෝජනා ක්‍රමය එකට භාවිත කළ නොහැක.
එකම පවුලේ සාමාජිකයන් සඳහා හිමිවන වට්ටම්
එක් දරුවකුට වඩා (එකම පවුලේ සහෝදර සහෝදරියන්) බ්‍රිටිෂ් කවුන්සිල් ආයතනය සමග ඉගෙනුම් පාඨමාලාව හදාරන්නේ නම් ඔවුන් සඳහා විශේෂ වට්ටමක් හිමි වන අතර ඒ පිළිබඳ විස්තර පහත දැක්වේ.
දරුවන් ගණන
|
වට්ටම
|
---|
පළමු දරුවා |
වට්ටම් නොමැත |
දෙවන දරුවා |
10% වට්ටමක් හිමිවේ* |
තෙවන දරුවා |
20% වට්ටමක් හිමිවේ*
|
* කොන්දේසි
- මෙම දීමනාව සෑම වාරයක් සඳහාම තරුණ සිසුන්ට වූ පාඨමාලා හදාරන පන්තිවල සහෝදර සහෝදරියන් සඳහා පමණක් වලංගු වේ.
- සියලුම ළමයින් එකම කාලසීමාවක් තුළ අධ්‍යන කටයුතු කළ යුතුය.
- මෙම වට්ටම් ලබා ගැනීම සඳහා අප සමග ඉගැනුම ලබන එකම පවුලේ සියලු දරුවන්ගේ උප්පැන්න සහතික ඉදිරිපත් කරන්න. ඔබ දැනටමත් උප්පැන්න සහතික ලබා දී ඇත්නම්, කරුණාකර නොසලකා හරින්න.
- ප්‍රමාද වී ලබාදෙන උප්පැන්න සහතික භාරගනු නොලැබේ.
- පවුල් වට්ටම් යෝජනා ක්‍රමය සහ බහු කාලීන වට්ටම් යෝජනා ක්‍රමය එකට භාවිත කළ නොහැකිය.