ඔබේ දරුවාගේ උපදේශන සාකච්ඡාවක් වෙන් කරවා ගන්න පහත සඳහන් සරල පියවර අනුගමනය කරන්න.
1 වන පියවර - උපදේශනයක් සඳහා කාලය වෙන්කරවා ගන්න
ඔබේ දරුවාට ගැළපෙන නිවැරදි පාඨමාලාව තෝරාගැනීම සඳහා අපට සහයවීමට, ඔබ විසින් අප සමග උපදේශනයක් වෙන්කරවා ගත යුතුය.
- ඔබේ උපදේශනයට ඔන්ලයින් හරහා සහභාගී විය හැකි අතර, ඒ සඳහා ඔබට ගැළපෙන වේලාවක් සහ දිනයක් තෝරාගත හැකිය.
- උපදේශනය සඳහා ගාස්තුවක් අය නොවේ.
2 වන පියවර - දැනුම් මට්ටම් පරීක්ෂණය සම්පුර්ණ කිරීම
උපදේශනය සඳහා ඔබ කාලය වෙන්කරවාගත් පසු, මට්ටම පරීක්ෂාව පිළිබඳ තොරතුරු ඔබ වෙත ලැබෙනු ඇත.
- ඔබේ උපදේශනයට පැමිණීමට පෙර මට්ටම පරීක්ෂාව සම්පූර්ණ කළ යුතු වන්නේ, එවිට ඔබේ දරුවාට ගැළපෙන නිවැරදි පාඨමාලාව තෝරා ගැනීමට එය උපකාරී වන නිසාය.
- ඔබ දුරකථන උපදේශනයක් තෝරාගන්නේ නම්, ඔබේ දරුවාගේ මට්ටම පරීක්ෂා කිරීම ඔන්ලයින් මගින් සිදුකරනු ඇත.
- ඔබ මුහුණට-මුහුණ ලා සිදුකරන උපදේශනයක් තෝරා ගන්නේ නම්, ඔබේ දරුවාට අපගේ මධ්‍යස්ථානයක දී මට්ටම පරීක්ෂා කිරීමට යොමුවිය හැක. මෙසේ වෙන්කරගත හැකි කාල වේලාවන් ඉතාමත් සීමිත බව කරුණාවෙන් සලකන්න.
3 වන පියවර - ඔබගේ දුරකථන උපදේශනයට පිවිසෙන්න
- ඔබේ දරුවාගේ මට්ටම් පරීක්ෂාවෙහි ප්‍රතිපල මත පදනම්ව, ඔබේ උපදේශනයේ දී අපගේ විශේෂඥ උපදේශකවරයෙකු විසින් පාඨමාලා පිළිබඳව ඔබට ඇති විකල්ප සාකච්ඡා කරනු ඇත.
- උපදේශනය සඳහා විනාඩි 20ක පමණ කාලයක් ගතවනු ඇත.
4 වන පියවර - පාඨමාලාවක් සඳහා ලියාපදිංචි වන්න
ඔබේ උපදේශනයෙන් පසුව, ඔබේ දරුවාගේ පාඨමාලාව සඳහා ලියාපදිංචි වී, ගෙවීම් සිදුකිරීමේ හැකියාව ලැබේ.
වැඩි විස්තර සඳහා
ඔබේ උපදේශනය වෙන්කරවා ගැනීම සඳහා ඔබට සහාය අවශ්‍ය නම්, පාරිභෝගික සේවා නියෝජිතයෙකු වෙත ළඟා වීමට කරුණාකර අපගේ ඉංග්‍රීසි භාෂා ඉගැන්වීමේ මධ්‍යස්ථානය අමතන්න.