ලොව ප්‍රධාන පෙළේ ඉංග්‍රීසි විශේෂඥයින් සමග ඉංග්‍රීසි ඉගෙන ගන්න!

ඉංග්‍රීසි භාෂාව විශ්වාසයෙන් යුතුව භාවිත කිරීමට හැකි වීම, පාසල් කාලයේ දී මහත් වාසියක් ගෙන දෙයි. එම දරුවන්ට අධ්‍යාපනය සහ සුදුසුකම් මෙන්ම වෘත්තීය අවස්ථා බොහොමයක් සඳහා මං විවර වනු නිසැකය.

දරුවන් සඳහාම සුවිශේෂී වූ ඉගැන්වුම් ක්‍රම යොදා ගනිමින් සුදුසුකම් සහ අත්දැකීම් බහුල විශේෂිත ගුරුවරුන් විසින් මෙම පාඨමාලා විශේෂයෙන් නිර්මාණය කර ඇත. ඉතාමත් ආරක්‍ෂිත පරිසරයක් තුළදී සරලව, ස්වභාවික හා විනෝදජනක ආකාරයකින් කථනය, ක්‍රීඩා මෙන්ම එකිනෙකා අතර සබඳතා වෙනුවෙන් දිරිගන්වමින් ඉංග්‍රීසි දැනුම සිසුන් අතරට ගෙන යාම සිදු වනු ඇත.

 

පාඨමාලා

ප්‍රාථමික මට්ටමේ සිසුන්  (අවුරුදු 6 - 7)

ප්‍රාථමික සිසුන් සඳහා වූ අපගේ පාඨමාලාවන් එම සිසුන්හට අපහසුවක් නොදැනෙන අකාරයෙන් ඉතා පහසුවෙන් ඉංග්‍රීසි බස ඔවුන් වෙත ඉගැන්වීම සඳහා සුවිශේෂිව නිර්මාණය කර ඇත.

කණිෂ්ඨ මට්ටමේ සිසුන්  (අවුරුදු 8 - 10)

කණිෂ්ඨ සිසුන් සඳහා වූ අපගේ පාඨමාලා ඉංග්‍රීසි බස ගවේෂණය කිරීම සහ අත්හදා බැලීම සඳහා සිසුන් උනන්දු කරවන ආකාරයෙන් නිර්මාණය කර ඇත. සැමවිටම ඔවුන්ට අවැසි සහයෝගය, ශක්තිය මෙන්ම ආරක්ෂාවද මේ පන්ති කාමර තුළදී නිසැකවම ලැබෙනු ඇත.

ජ්‍යෙෂ්ට සිසුන් (අවුරුදු 11-13)

ජ්‍යෙෂ්ට සිසුන් සඳහා වූ ඉගෙනුම් පාඨමාලා තුළින් ඔවුන්ගේ වාග් මාලාව සහ ව්‍යාකරණ කුසලතා වැඩිදියුණු කරමින් විශ්වාසයෙන් යුතුව ඉංග්‍රීසි බස හැසිර වීම සඳහා අවැසි වටපිටාව සකසාදෙනු ඇත.

නව යොවුන් සිසුන් (14 සිට 15 දක්වා)

නව යෞවන වියේ සිසුන් සඳහා වන අපගේ පාඨමාලා තුළින් ඔවුන් යොමු වන තරගකාරී වටපිටාව තුළ ස්වාධීනව සහ විශ්වාසනියව ඉංග්‍රීසි බස හැසිරවීමට අවැසි පන්නරය ලබාදෙනු ඇත.

 

 

පන්ති පවත්වන මධ්‍යස්ථාන

ඉහත පන්ති පවත්වන අපගේ මධ්‍යස්ථාන: 

  • කොළඹ
  • මහනුවර
  • යාපනය
  • මාතර 

පාඨමාලා පවත්වන කාලීන දිනයන්

වාරය 

 දින

පළමුවන වාරය ජනවාරි 7 - අප්‍රේල් 7
දෙවන වාරය මැයි 6 - ජූලි 28
තෙවන වාරය අගෝස්තු 25 - දෙසැම්බර් 21

ගාස්තු

පන්ති  කොළඹ මහනුවර යාපනය මාතර 
ප්‍රාථමික මට්ටමේ සිසුන්  (අවුරුදු 6 - 7) රු. 23000 රු. 23000 රු. 20000 රු. 23000
කණිෂ්ඨ මට්ටමේ සිසුන්  (අවුරුදු 8 - 10) රු. 23000 රු. 23000 රු. 20000 රු. 23000
ජ්‍යෙෂ්ට සිසුන් (අවුරුදු 11-13) රු. 23000 රු. 23000 රු. 20000 රු. 23000
නව යොවුන් සිසුන් (14 සිට 15 දක්වා) රු. 23000 රු. 23000 රු. 20000 රු. 23000

* අය කිරීම් වෙනස් විය හැකිය. යම් හෙයකින් ඔබ ගෙවූ මුදල නැවත ලබා ගැනීමට අවශ්‍ය නම්, එය ඔබේ දරුවා ඔහුගේ ප්‍රථම පංතියට සහභාගී වීමට පෙර ලබාගත යුතු අතර එහිදී ආයතනික පරිපාලන ගාස්තුව අඩු කර ඉතිරි මුදල ඔබට ලබාදෙනු ඇත..

මූලික අය කිරීමට ඇතුළත් වන්නේ: බ්‍රිටිෂ් කවුන්සිලයේ සිසුන් සඳහා වූ ෆෝල්ඩරය, ලිපිගොනු කවරය සහ සටහන් පොත

අතිරේක ගෙවීම්: පාඨමාලා පොත්, ලිපි ද්‍රව්‍ය

කොටස් වශයෙන් ගෙවීම සඳහා

කොමර්ෂල් බැංකුවේ ක්‍රෙඩිට් කාඩ්පත ඔබ සතු නම් 0% පොලී පහසු ගෙවීමේ සැලැස්ම හරහා ගෙවීම් සිදුකළ හැකිය. වැඩි විස්තර සඳහා අපගේ පාරිභෝගික සේවා අමතන්න.

වට්ටම් සහ දීමනා

බහු-කාලීන ලියාපදිංචිය සඳහා වට්ටම්

ඔබ ඔබේ දරුවා වාර තුනක් සඳහා එකවරම ලියාපදිංචි කර වන්නේ නම් ඒ සඳහා වට්ටමක් ඔබට හිමියි.

වැඩි විස්තර සඳහා අපගේ පාරිභෝගික සේවා අමතන්න.

* බහු කාලීන වට්ටම් යෝජනා ක්‍රමය සහ පවුල් වට්ටම් යෝජනා ක්‍රමය එකට භාවිත කළ නොහැක.

එකම පවුලේ සාමාජිකයන් සඳහා හිමිවන වට්ටම්

එක් දරුවකුට වඩා (එකම පවුලේ සහෝදර සහෝදරියන්) බ්‍රිටිෂ් කවුන්සිල් ආයතනය සමග ඉගෙනුම් පාඨමාලාව හදාරන්නේ නම් ඔවුන් සඳහා විශේෂ වට්ටමක් හිමි වන අතර ඒ පිළිබඳ විස්තර පහත දැක්වේ.

දරුවන් ගණන 

 වට්ටම 

 පළමු දරුවා  වට්ටම් නොමැත
 දෙවන දරුවා  10% වට්ටමක් හිමිවේ*
තෙවන දරුවා  20% වට්ටමක් හිමිවේ*

 * කොන්දේසි

  • මෙම දීමනාව සෑම වාරයක් සඳහාම තරුණ සිසුන්ට වූ පාඨමාලා හදාරන පන්තිවල සහෝදර සහෝදරියන් සඳහා පමණක් වලංගු වේ.
  • සියලුම ළමයින් එකම කාලසීමාවක් තුළ අධ්‍යන කටයුතු කළ යුතුය.
  • මෙම වට්ටම් ලබා ගැනීම සඳහා අප සමග ඉගැනුම ලබන එකම පවුලේ සියලු දරුවන්ගේ උප්පැන්න සහතික ඉදිරිපත් කරන්න. ඔබ දැනටමත් උප්පැන්න සහතික ලබා දී ඇත්නම්, කරුණාකර නොසලකා හරින්න.
  • ප්‍රමාද වී ලබාදෙන උප්පැන්න සහතික භාරගනු නොලැබේ.
  • පවුල් වට්ටම් යෝජනා ක්‍රමය සහ බහු කාලීන වට්ටම් යෝජනා ක්‍රමය එකට භාවිත කළ නොහැකිය.

ලියාපදිංචි වීම

වයස සහ හැකියාව අනුව සිසු සිසුවියන් පන්තිවලට ඇතුළත් කරන අතර තරුණ ඉගෙනුම් පාඨමාලාව මට්ටම් 5කින් යුක්ත වන අතර එය අදියර කිහිපයකට බෙදා වෙන් කර ඇත. ඔබේ දරුවා එක් අදියරයක් සම්පූර්ණ කිරීමට වාර 3ක් සම්පුර්ණ කල යුතු අතර එක් මට්ටමක් සම්පුර්ණ කිරීමට වාර අටක් සම්පූර්ණ කල යුතුය. මේ සඳහා ලියාපදිංචි වීමේදී ඒ පිළිඳව වැඩි විස්තර ලබාගත හැකිය.

ඔබේ දරුවා බ්‍රිටිෂ් කවුන්සිල් ආයතනයට නවක සිසුවෙක් හෝ සිසුවියක් නම් ඔවුන් අදාළ පංති සඳහා යොමු කිරීමට ප්‍රථම ඔවුන්ගේ ඉංග්‍රීසි දැනුම පරීක්ෂා කිරීම සඳහා සුළු පරීක්ෂණයකට ලක්විය යුතු වේ. මෙම පාඨමාලාව සඳහා ලියාපදිංචි වීමට සහ ඉංග්‍රීසි දැනුම මට්ටම පරීක්ෂා කර ගැනීමට ඇති අපගේ සුළු පරීක්ෂණයට සහභාගී වීමට අපගේ ආයතනයේ පිහිටි ඉංග්‍රීසි භාෂා මධ්‍යස්ථානය වෙත පිවිසෙන්න.